Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2017 15:55:44 Hours

යුද්ධ හමුදා සම්බන්ධීකරණයෙන් රෝද පුටු 100 ක් බෙදාදෙයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙකු වන ප්‍රියන් පුෂ්පකුමාර මහතා විසින් මඩකලපුව ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා රෝද පුටු 100 ක් පරිත්‍යාග කරනු ලැබීය.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් බලප්‍රදේශයේ ජනතාව ආවරණය වන පරිදි ප්‍රාදේශීය සමාජ සේවා නිලධාරින්, ග්‍රාම නිලධාරින්, අනෙකුත් ප්‍රාදේශීය නියෝජිතයින් සමඟ සම්බන්ධතාවයෙන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතුව සියලු ජාතින් නියෝජනය වන පරිදි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මේ සඳහා තෝරා ගන්නා ලදී.

23 වන සේනාංකයේ පැවති මෙම රුපියල් මිලියන 2 කට අධික වටිනාකමින් යුත් රෝද පුටු බෙදාදීමේ උත්සවය සඳහා එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්ලිව්.එස්.ඩී.බී. පනන්වල ගේ ආරාධනයකට අනුව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, 23 සේනාංකයේ සේනංකාධිපති සහ දානපති ප්‍රියාන් පුෂ්පකුමාර මහතා මෙම රෝදපුටු බෙදාදීම සඳහා එක්ව සිටියහ.

මෙම වැඩසටහන 23 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 17 වන (ස්වේච්ඡා) පාබල හමුදාවේ අණදෙන නිලධාරි විසින් සම්බන්ධීකරණය කරනු ලැබු අතර, මෙම රෝද පුටු ලබාගත් සාමාජිකයින් උපතේ සිට හා වෙනත් හේතු මත ආබාධිත තත්වයට පත් දුෂ්කර පලාත්වල ජීවත් වන දිළිඳු අයවලුන්ය. මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහ ප්‍රදේශයේ විශාල ජනතාවක් සහභාගි වන ලදි.

best Running shoes | Nike Off-White