24th July 2017 16:49:05 Hours
කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (CAVT) මගින් පවත්වනු ලැබු ඇළුමිනියම් සිරිසැකසුම් ශීල්පය, ගෘහස්ථ විදුලි රැහැන් ඇඳීම සහ ගෘහ විදුලි උපකරණ නඩත්තු කිරීම් යන වෘත්තීය පාඨමාලවන් සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයන් 42 ක් වෙත සහතිපත් ප්‍රදානය සිකුරාදා (21) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරනු ලැබීය.
මෙම පාඨමාලාව සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (SLVTA) සම්පත් දායකත්වය ලබාදුන් අතර, මෙම පාඨමාලාවන් සාර්ථකව හැදෑරු අයවලුන්හට ජාතික නිපුණතා සම්මතය (NVQ) 3 වන මට්ටමේ සහතිකයක් හිමි විය.
මෙහිදි, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බී.ටී. හත්නාගොඩ, අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ස්ථානභාර නිලධාරි එස්. විමලසිරි මහතා සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක විසින් පුහුණු ලාභීන් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.
bridge media | シューズ