Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2017 16:43:30 Hours

මුලතිව් සටනින් මියගිය රණවිරුවන් සිහිකෙරේ

මීට වසර 21 කට පෙර, 1996 ජූලි මස මුලතිව් සටනේ දී මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනාවේ භට පිරිස් විසින් සැමරුම් වැඩසටහනක් පවත්වනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කළ අතර, මුලතිව් නගරයේ නිර්මාණය කර ඇති රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමෙන් පසු වැඩසටහන ආරම්භ විය. 642, 591, 681 සහ 242 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙම සැමරුම් වැඩසටහන සඳහා එක්ව සිටියහ.

එමෙන්ම, එදින පැවති පිරිත් සඡ්ඡායනයේ දී මුලතිව් සටනින් මියගිය රණවිරුවන් වෙත පුන්‍යානුමෝදනා සිදු කළ අතර, අනතුරුව සියලුම නිලයින් එක්ව රණවිරු ස්මාරකය අභියස පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

spy offers | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite