Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2017 11:04:21 Hours

නාවට්කුලී මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයෙන් පරිගණක පරිත්‍යාගයක්

නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නව පරිගණක තුනක් බ්‍රහස්පතින්දා (20) දින පරිත්‍යාග කර ඇත.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ අදහසකට අනුව, 52 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් නාවත්කුලි මහා විද්‍යාලයේ පැවති උත්සවයක දී මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.

523 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක, 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් රත්නායක, නාවට්කුලි මහා විද්‍යාලයේ විදුහල්පති පවලකුමාරන් මහතා, ගුරුවරුන් සහ සිසුන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

affiliate link trace | Hats to Match Jordans Hyper Royal Bulls Hat