Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2017 10:58:25 Hours

යුද්ධ හමුදා සම්බන්ධීකරණයෙන් පානීය ජල පහසුකම් සහ පාපැදි බෙදාදීමේ වැඩසටහනක්

54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.පී. අකුරන්තිලක ගේ සම්බන්ධීකරණයෙන් කොළඹ ‘ඉනර් වීල්’ (Inner Wheel) සමාජයේ සාමාජිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් මන්නාරම, මාන්තෝට්ටම් ප්‍රදේශයේ ඉලුප්පායිකුලම් ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකල පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීම හා ප්‍රදේශයේ ජිවත්වන දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා පාපැදි බෙදාදීමේ උත්සවයක් ජූලි මස (10) දින පවත්වනු ලැබීය.

සිවිල් වැසියන්ගේ දැඩි අවශ්‍යතාවයක්ව පැවති පානීය ජල පද්ධතිය, විවෘත කිරීම ඉලුප්පායිකුලම් ගම්මානයේ දී පැවති අතර, මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලින් ද එක්ව සිටියහ. එමෙන්ම, මෙම වැඩසටහනට සමගාමීව පාපැදි 13 ක් ද ප්‍රදේශයේ පාසල් දරුවන් වෙත පරිත්‍යාග කරනු ලැබීය.

542 බලසේනාවේ නිලධාරින් හා සෙසුනිලයින්, පාසල් සිසුන් සහ සිවිල් වැසියන් ද මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා එක්ව සිටියහ.

Best Authentic Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5