22nd July 2017 14:54:46 Hours
සපුගස්කන්ද හි පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි අමල් කරුණාසේකර නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරනු ලැබ ඇත.
මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.ඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියූ පීඑස්සී මේ වන විට සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස ද කටයුතු කරනු ලබයි.
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, 1981 වර්ෂයේ දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් පුහුණුව සාර්ථකව නිම කර 1984 වර්ෂයේ දී දෙවන ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවට එක්විය.
ඔහු වෘත්තීමය හමුදා නිලධාරියෙකු ලෙස වසර 35 කට අධික නිකළැල් සේවයක් මේ වන විට සම්පූර්ණ කර ඇත.
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, දේශීය සහ විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇති අතර, ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය යන රටවල්හි උසස් පාඨමාලාවන් ද ඒ අතර වේ. එමෙන්ම, ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ද, චිනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක හා ක්‍රමෝපායික අධ්‍යයන පාඨමාලාව ද හදාරා ඇත.
එමෙන්ම, ඔහු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් මෙන්ම ඉන්දියාවේ වෙලින්ටන් ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයෙන් ආරක්ෂක මාණ්ඩලික උපාධිය ද හිමිකරගෙන ඇත.
ඔහුගේ දිර්ඝ සේවා කාලය තුල දී අණදීම් හා උපදේශක මෙන්ම යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ, පාබල අධ්‍යක්ෂ, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුද සේවා ලේකම් යන තනතුරු ඇතුළු මාණ්ඩලික තනතුරු ගණනාවක් හොබවා ඇත.
එමෙන්ම, එතුමා 2004 වර්ෂයේ දී හයිටි දේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකාවෙන් යවන ලද ප්‍රථම බලඇණියේ අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කරනු ලැබීය.
තවද, එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මෙහෙයුම්වල දී පාබල බලඇණි සහ පාබල බලසේනාවන් හට අණදීම ද සිදු කර ඇති ඔහු 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද කටයුතු කර ඇත.
අනතුරුව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙස පත් වූ ඔහු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංවර්ධන සහ ප්‍රතිසංවිධාන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිය නිලධාරීන් මෙන්ම භට පිරිස් සාර්ථකව මෙහෙයවනු ලැබීය. එමෙන්ම, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ නිලධාරී උපදේශකයෙකු මෙන්ම සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක නිලධාරියෙකු ලෙස ද කටයුතු කරනු ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී ක්‍රියාන්විත රාජකාරියෙහි දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු වෙත රණ වික්‍රම පදක්කම (RWP) සහ රණ ශූර පදක්කම (RSP) පිරිනමා ඇති අතර, ඔහුගේ නිකළැල් විශිෂ්ඨ සේවය ඇගයීම සඳහා විශිෂ්ඨ සේවා විභූෂණයෙන් (VSV) සහ උත්තම සේවා පදක්කමෙන්ම (USP) ද පිදුම් ලබා ඇත.
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, කොළඹ නාලන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශීෂ්‍යයෙකු වන අතර, විද්‍යාලයීය කෙඩෙට් කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය. ධනංජනි මහත්මිය සමඟ විවාහ වී ඇති මෙතුමා දියණියකගේ දයාබර පියාණන් කෙනෙකු වේ.
Sports brands | NIKE RUNNING SALE