Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2017 09:55:01 Hours

පැරාලිම්පික් - 2017 හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්‍වෙන් දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කමක් දිනාගනී

ලන්ඩන්හි දී පැවැත්වෙන පැරාලිම්පික් - 2017, හෙල්ල විසිකිරීම පිරිමි F-46 තරඟ ඉසව්වෙන් සෙනසුරාදා (15) දින රිදී පදක්කමක් දිනා ගැනීමට 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනෙෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

2008 දෙසැම්බර් 16 දින මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ කිළිනොච්චියේ දී තුවාල ලැබූ කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් (විශ්‍රාමික) වෛද්‍ය හේතුන් මත යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගියහ. මොහු මෙම තරඟාවලියේ දී මීටර් 58.23 ක දුරක් වාර්තා කරමින් පැරලිම්පික්හිදි පදක්කම දිනා ගත් දෙවැනි ශ්‍රී ලාංකීකයා ලෙස පත්ව ඇත.

මෙය ශ්‍රී ලංකාවට පැරාලිම්පික් තරඟාවලියක දී ලැබුණු තෙවන පදක්කම වන අතර, 2012 වර්ෂයේ පැවති පැරාලිමිපික්හි දී ප්‍රදීප් සංජය, පිරිමි මීටර් 400 T46 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද, 2016 වර්ෂයේ දී දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසිකිරීම පිරිමි F-46 තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද හිමි කරගනු ලැබීය.

latest jordan Sneakers | Nike Air Max