Header

Sri Lanka Army

Defender of the Nation

14th July 2017 11:35:47 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් චර්යාවර්ධන වැඩසටහනක්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවන චර්යාවර්ධනය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් බදාදා (12) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා දේශන ශාලාවේ දී පැවැත් වූ අතර, ඒ සඳහා නිලධාරින් 04 ක් සහ සෙසු නිලයින් 120 ක් සහභාගි වූහ.

‘ආතතිය කළමනාකරණය කර ගැනීම’, ‘ප්‍රීතිමත් දිවියක් සහ ජීවන නිපුණතා’, ‘නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ’ සහ මත්පැන් හා මත්ද්‍රව්‍යවල යථාර්තය යන මාතෘකා යටතේ මෙහි දේශන සිදු කළහ.

මෙහි දේශකයන් ලෙස යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ මේජර් යූ.පී මල්ලවාරච්චි, ලුතිනන් පී.ඒ.සී.පී.කේ පේදුරුආරච්චි නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කපිතාන් ආර්.එම්.ආර්.ආර්.කේ රත්නායක සහ මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අජිත් නවගමුව මහතා ද කටයුතු කරන ලදි.

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එම්.ඩි විජේසුන්දරගේ මඟපෙන්විම යටතේ එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් රැසක් සිදු කරමින් පවති.

buy footwear | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ