13th July 2017 11:01:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු අඟහරුවාදා (11) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
මෙම හමුවේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින්, යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති 300 දෙනෙකුට වැඩි ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුවකදි යුද්ධ හමුදාවේ ඉදිරි කටයුතු පිළිබඳ තම දැක්ම ඉදිරිපත් කළ බවත්, රටේ හී සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාවේ උපරිම දායකත්වය ලබාදීම පිළිබඳවත් අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරන ලදී.
එමෙන්ම, ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් වැඩිදුරටත් කරණු දක්වමින් ජාතික සමගිය, ජාතික සංහිඳියාව සහ සමාජයේ වේගවත් ලෙස වෙනස්වන සමාජ ප්‍රතීසංස්කරණයන් සම්බන්ධව පවත්නා ගැටළු සහ සංවර්ධන ප්‍රයත්න්‍යන් සඳහා යුද්ධ හමුදාව නව්‍යකරණය කිරීම වෙනුවෙන් සිදු කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ තම අභිප්‍රායන් අතිගරු ජනාධිපතිතුමා වෙත දැනුම් දෙනු ලැබීය.
එමෙන්ම, යුද්ධ හමුදාවේ 1/3 ක් යුද්ධමය කටයුතු සඳහා ද අනෙක් 1/3 ජාතිය ගොඩනැගිම සඳහා ද ඉතිරි 1/3 යුද්ධ හමුදාවේ පාලන කටයුතු සඳහා ද යෙදවිමට තමන් අදහස් කර සිටින බවද අතිගරු ජනාධිපතිතුමාව දැනුවත් කරනු ලැබීය.
මෙහිදි අතිගරු ජනාධිපතිතුමා විසින් නව යුද්ධ හමුදාධිපතිවරයා වෙත සුභපැතුම් එක් කරමින් යුද්ධ හමුදාවේ ප්‍රතීසංවිධාන කටයුතු මෙන්ම ජාතියේ ආරක්ෂකයා ලෙස ඉටුකරන කාර්යභාරය සඳහා සිය ආශීර්වාදය ද පිළිගැන්විය.
මෙම හමුව අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යුද්ධ හමුදාවේ වීරත්වය හා අභිමානය සංකේතවත් කරමින් ‘අසිපතක’ ආකෘතියක සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.
Best Nike Sneakers | 『アディダス』に分類された記事一覧