Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2017 16:23:48 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ‘ඇසල’ කලාපය මහත් උත්කර්ෂවත් අයුරින්

‘ඇතුගල් පුරයයි දහම් අමාවයි’ තේමා කරගනීමින් කුරුණැගල, වැහැර පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කරනු ලබන ‘ඇසල’ කලාපය කුරුණැගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී ජුලි 8 සහ 9 දෙදින තුළ පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සම්බන්ධතාවය සහ හොඳහිත වැඩි දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුහ.

සෙනසුරාදා (08) දින පැවති සමාරම්භක උත්සවයට පෙර දර්ශනීය පෙරහැරක් මගින් මහා සංඝයා වහන්සේ ‘ඇසල’ කලාපය වෙත වැඩමකරවන්නට යෙදුණි. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස පැමිණි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වු අතර, අනතුරුව එතුමා භට පිරිස් විසින් ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කර තිබු වෙසක් කුඩු 50 කට වැඩි ප්‍රමාණයක විදුලි ආලෝකය දැල්විම සිදු කරන ලදී. මෙහිදි කොළඹ පැවති ජාතික වෙසක් උත්සවයේ දී ජයග්‍රහණයන් හිමි කරගත් වෙසක් කුඩු ද ප්‍රදර්ශණය කරනු ලැබීය.

මෙහිදි ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් දෙදින පුරාවටම පැමිණ සිටි බැතිමතුන් සඳහා ඔසු පැන් දන්සලක් පැවැත්වු අතර, එමෙන්ම බැති ගී සංදර්ශන ද පවත්වනු ලැබුහ. ‘ඇසල’ කලාපයේ අවසාන දින ආරධිත අමුත්තා ලෙස නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රුසක් පැමිණ සිටියහ.

Adidas footwear | nike