Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2017 16:11:48 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් චර්යාවර්ධන වැඩසටහනක්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබු ‘ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවිම සහ එයින් මීදිම’ පිළිබඳ දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් බදාදා (05) දින කරන්දෙණිය පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරින් 11 ක් සහ සෙසු නිලයින් 187 දෙනෙක් සහභාගිවු අතර, මෙහි දේශන සහාය මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකය විසින් සිදු කරනු ලැබුහ.

මෙහි දේශකයන් ලෙස යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ලුතිනන් කර්නල් ඒ.ටි.සී. ආරියරත්න සහ මේජර් යූ.පී මල්ලවාරච්චි සහභාගි විය.

Sportswear free shipping | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp