Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2017 13:35:37 Hours

‘ජාත්‍යන්තර මානුෂවාදී නීතිය’ පිළිබඳ වැඩමුළුව සඳහා බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සහභාගි වේ

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සඳහා ‘ජාත්‍යන්තර මානුෂවාදී නීතිය’ පිළිබඳ දෙදින වැඩමුළුවක් එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත පැවති මෙම වැඩමුළුව සඳහා එම සේනාංකයට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් 25 දෙනෙකු සහභාගි වුහ.

යුද්ධ හමුදා මානව හිමිකම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වු මෙම වැඩමුළුවේ ආරම්භක දේශනය ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ චන්දන ජයවර්ධන මහතා විසින් සිදු කළහ.

මෙම වැඩමුළුවේ ආරම්භක අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.පි.එස්. ද සිල්වා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

Nike shoes | Patike