10th July 2017 18:07:26 Hours
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් නොක්ස් රෝස් සිකුරාදා (07) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
දෙපාර්ශවය අතර පැවති සුහද සහ මිත්‍රශීලි හමුවේ දී ශ්‍රී ලංකා හමුදාවන් හට ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු වැඩසටහන් සඳහා සහභාගිවීමටත් අනාගතයේ දී යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් එක්සත් ජනපද පුහුණු වැඩසටහන් තවදුරටත් වර්ධනය කිරීමටත් තම උපරිම සහය ලබා දෙන බවට ආරක්ෂක උපදේශක වරයා මෙම සාකච්ඡාවේදි අවධාරනය කරන ලදි.
එමෙන්ම ලුතිනන් කර්නල් රොබට් රෝස්, පසුගියදා දිවයිනට පැමිණි ඇමරිකා එක්සත් ජනපද කැඩෙට් නිලධාරින් හට පහසුකම් සැලසිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිය ස්තුතිය පුද කළ අතර, ඉදිරියේ දී ඇමරිකා එක්සත් ජනපද පුහුණුලාභීන් සහ අනෙකුත් අධ්‍යන සාමාජිකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවන් වලදි එවැනිම සහයක් අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් පැවසිය.
මෙහිදි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නික්ම යාමට නියමිත ආරක්ෂක උපදේශක වරයා යුද්ධ හමුදාව සමඟ සහයෝගයෙන් යුතුව සිදු කළ ක්‍රියාකාරි සබඳතා අගය කරමින්, බොහෝ අදාළ කටයුතු සුහද මට්ටමෙන් නිම කර ගැනීම ගැන උදාහරණ කිහිපයක් පෙන්නුම් කරමින් ඔහුට සිය කෘතඥතාවය පළ කළහ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක 22 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්විමෙන් පසු එතුමා හමුවු පළමු විදේශිය ආරක්ෂක නියෝජිතයා වන්නේ ඇමරික එක්සත් ජනපද තානාපති කර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් නොක්ස් රෝස් වේ.
මෙම නික්මයන ආරක්ෂක උපදේශකවරයා ශ්‍රී ලංකාවේ උපත ලැබුවෙකු වන අතර, ඔහුගේ පියා කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයකු ලෙස සේවය කර ඇත.
මෙම සාකච්ඡාව අවසානයේ හොඳහිත සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නික්ම යාමට නියමිත ආරක්ෂක උපදේශක වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.
අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් ජි.වී. රවීප්‍රිය සහ යුධ සේවා සහකාර ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Running sport media | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth