Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2017 16:57:50 Hours

මුලතිව් යුද්ධ හමුදා සාමාජිකයින් ලේ දන්දීමේ වැඩසටහනක

මුලතිව් දිස්ත්‍රික් රෝහලේ බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් 350 කට අධික පිරිසක් සිකුරාදා (07) දින ලේ දන්දීමේ වැඩසටහනක නිරත විය.

මුලතිව් රෝහලේ ලේ බැංකුවේ ප්‍රධානි වෛද්‍ය රජිත විරවර්ධනගේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මුලතිව් රෝහලේ ලේ බැංකු පරිශ්‍රයේ දී පැවති මෙම වැඩසටහන සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය, 59, 64, 68 සේනාංකයන්, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස සහ අනෙකුත් ඒකකයන් නියෝජනය යුද්ධ හමුදා සාමාජිකයන් එක්ව සිටියහ.

Nike shoes | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp