Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2017 19:59:50 Hours

කිලිනොච්චි භට පිරිස් දෘෂ්ඨි සායනයක් සහ නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සහාය ඇතිව 65 වන සේනාංකය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ දෘෂ්‍යාබාධ ඇති අයට ප්‍රතිකාර සිදු කරගැනීම සඳහා ජංගම අක්ෂි සායනයක් පැවත්විමට පියවර ගනු ලැබු අතර, ඒ අනුව අඟහරුවාදා (04) දින ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ යහපත උදෙසා ජංගම අක්ෂි සායනයක් කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ‘කොළඹ විෂන් කෙයාර්’ විශේෂඥ අක්ෂි වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි දසන්ත ෆොන්සේකා මහතා සහ ඔහුගේ කණ්ඩායමෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම අක්ෂි සායනය සංවිධානය කරන ලද අතර, එහිදී සිවිල් වැසියන් 244 දෙනෙකු පරීක්ෂා කරන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ සම්බන්ධීකරනයෙන් එම සේනාංකය විසින් සිදු කළ මෙම අක්ෂි සායනයේ දී පරික්ෂාවට ලක් කරන ලද අයගෙන් 210 දෙනෙකුට ඇස් පෙනීම සඳහා ඇස් කණ්නාඩි භාවිතා කිරීමට නිර්දේශ කර ඇති අතර, අනෙකු 34 දෙනාට කියවීම සඳහා පමණක් ඇස් කණ්නාඩි භාවිතා කරන ලෙස නියම කරන ලදි.

මෙම ප්‍රජා ව්‍යපෘතියේ දී නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම සඳහා විෂන් කෙයාර් කණ්ඩායම පූර්ණ සහයෝගය ලබා දුන්හ.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මෙම ප්‍රජා සත්කාරය සඳහා සහභාගි වු අතර, මේ සඳහා අනුග්‍රහකත්වය දැක්විම වෙනුවෙන් විෂන් කෙයාර් කණ්ඩායමට ස්තුතිය පුද කළහ. මෙම ජංගම සායනයේ සමාරම්භක අවස්ථාවට මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ද එක්ව සිටියහ.

Buy Kicks | Air Jordan