08th July 2017 19:56:24 Hours
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් තුළ ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන යටතේ හයවන දිනටත් සිකුරාදා (07) කිරුළපන සහ පාමංකඩ ප්‍රදේශයන් ආවරණය කරමින් ඩෙංගු මර්ධනය කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.
මෙම විශේෂ ඩෙංගු මැඩලිමේ ඒකකයට, යුද්ධ හමුදා සාමාජිකයන් 200 ක්, පොලිස් නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද ඇතුලත් විය. සෞඛ්‍ය බළධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් මත සෙනසුරාදා (01) දින ආරම්භ වු මෙම විශේෂ වැඩසටහන හෙට (08) දිනෙන් අවසන්විමට නියමිතය.
bridgemedia | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C