Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2017 11:18:13 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය වැඩසටහන් රැසක් සමඟින් සිය සංවත්සරය සමරයි

‘Victory Through Commitment, Dedication, Sacrifice & Professionalism’ යන තේමාව යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සිය 8 වන සංවත්සර දිනය සමරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත ආරම්භ කරන ලද මෙම සංවත්සර වැඩසටහන් මාලාවට ආගමික වතාවත්, ලේ දන්දීම, පැල සිටුවීම, නව ආපන ශාලාව හා සුභසාධන වෙළඳසැල විවෘත කිරීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ සංගීත සන්ධ්‍යාවක් ද සමන්විත විය.

මෙහි වැඩසටහන ආරම්භ කරමින් එම ආරක්ෂක සේනාවට අයත් ශක්තිමත්ම යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත බළඇණිය ‘Herculean Competition’ තරඟාවලිය පරවිපංචාන් ක්‍රීඩාංගනයේ දී ජුනි 22 සිට 24 දින දක්වා පැවති අතර, එහි ජයග්‍රහනය 24 වන ගැමුණු හේවා බලකායට හිමි විය.

මෙම සංවත්සර උත්සවයේ ආගමික වතාවත් ආරම්භ කරමින් සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාවක් සහ දානමය පිංකමක් පැවැත්විය. එමෙන්ම හින්දු ආගමික වතාවත් කන්කගම්බිගායි අම්මාන් කෝවිලේ ද ක්‍රිස්තියානි දේව මෙහෙය කිලිනොච්චි ශාන්ත තෙරේසා දේවස්ථානයේ දී පැවති අතර, මුස්ලිම් ආගමික වතාවත් ද සිදු කරනු ලැබීය.

එමෙන්ම, 40 කට වැඩි නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා ලේ පරිත්‍යාගයක් සෙනසුරාදා (24) දින සිදු කරනු ලැබීය.

ජුනි (29) දින පැවති සංවත්සර දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වු අතර, එහිදි කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පැවති අතර, සංවත්සර දිනය සනිටුවන් කිරීම සඳහා අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතරුව සියලුදෙන පෙනි සිටින සමුහ ඡායාරූපයක් ද ගනු ලැබීය.

සංවත්සර වැඩසටහන අවසාන කරමින් ජුනි මස (29) දින සියලු නිල රාත්‍රි භෝජන සංග්‍රහයක් සහ කඳවුරු පරිශ්‍රයේ සංගිත සන්ධ්‍යාවක් පවත්වනු ලැබුහ.

buy footwear | balerínky