Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2017 20:11:44 Hours

‘නායයෑම් සහ ආපදා කළමනාකරණය’ පිළිබඳ 58 වන සේනාංක භට පිරිස් දැනුවත් කෙරේ

58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ උපදෙස් මත එම සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් සඳහා ‘නායයෑම් සහ ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (30) දින බූස්ස පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ ප්‍රධාන ශාලාවේ දි පවත්වන ලදි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඊ.ආර්. බන්දුල මහතා මෙහි දේශන පැවැත් වූ අතර මේ සඳහා මාතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 58 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 10 ක් සහ සෙසු නිලයින් 200 ක් සහභාගි වූහ.

Running Sneakers | Air Jordan