Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2017 20:12:20 Hours

දෙවන තුන්ප්‍රයාම තරඟාවලිය මහජන අවධානය දිනාගනි

පිහිනුම්, බයිසිකල් ධාවන සහ ධාවන තරඟ ඇතුලත් යුද්ධ හමුදා දෙවන තුන්ප්‍රයාම තරඟාවලිය සෙනසුරාදා (1) දින ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව් තාවුල්ල අසල දි පැවැත්විනි.

යුද්ධ හමුදාධිපති ගේ අධික්ෂණය යටතේ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධ හමුදා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ මෙම තරඟාවලිය මීටර් 750 ක පිහිනුම් ඉසව්වකින්, කිලෝමීටර් 20 ක බයිසිකල් ධාවන ඉසව්වකින් සහ කිලෝමීටර් 5 ක ධාවන ඉසව්වකින් සමන්විත විය. මේ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගතයේ ඇතිවන අභියෝග ජය ගැනීම සඳහා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත සුවිශේෂී කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදි.

තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර එම අවස්ථාවේ දී මලල ක්‍රීඩා සංගමයේ ලේකම් බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් පිළිගනු ලැබීය.

සමස්ත තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට ද, අනුශුරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට හිමිවිය.

තරඟ ප්‍රතිඵල පහතින් දැක්වේ ;

ඒකල - පිරිමි (අවසන් ප්‍රතිඵල)

සංඥා සෙබල ජී.ජේ.ඒ.එල් පෙරේරා - ශ්‍රීලංසංබ - ප්‍රථම ස්ථානය

තුවක්කු සෙබල පී.එච්.ඩි රාජපක්ෂ - ශ්‍රීලකාහ - දෙවන ස්ථානය

බොම්බඩියර් කේ.කේ.ජී.එල් කුමාරසිංහ - ශ්‍රීලකාහ - තෙවන ස්ථානය

ඒකල - කාන්තා (අවසන් ප්‍රතිඵල)

කාන්තා සෙබල එස්.එන්.ඒ ගුණතිලක - 2 (සෙව්) ශ්‍රීලයුකාබ - ප්‍රථම ස්ථානය

කාන්තා සෙබල ටි.එම්.අයි ලක්මාලි - 2 (සෙව්) ශ්‍රීලයුකාබ - දෙවන ස්ථානය

jordan release date | nike air speed turf rose gold price per gram