Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2017 11:35:02 Hours

මීගමුව රෝහලේ ඩෙංගු රෝගීන් වෙනුවෙන් අතිරේක වාට්ටු ගොඩනැගිමට යුද්ධ හමුදා සහාය

මීගමුව මහ රෝහලේ සංචාරයක නිරතවු අතිගරු ජනාධිපතිතුමන් හට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් සඳහා ප්‍රමාණවත් වාට්ටු පහසුකම් නොමැති බවට අවධානයට ලක්වීමෙන් පසු ලබාදුන් උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලය වෙත මීගමුව රෝහල් පරිශ්‍රයේ තාවකාලික වාට්ටු දෙකක් ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමය සහ වෛද්‍ය උපකරණ සපයාදෙනමෙන් උපදෙස් ලබාදුණි.

ඒ අනුව 1 වන සහ 6 වන ඉංජිනේරු සේවා බලකා භට පිරිස් විසින් නව තාවකාලික වාට්ටු දෙකක් අතිගරු ජනාධිපතිතුමන්ගේ සංචාරයෙන් දින දෙකකට පසු ඉදිකිරීම ආරම්භ කළ අතර, මේ වනවිට එම වාට්ටු දෙකේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවති.

මෙහිදි ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය සහයකයන් 25 දෙනෙකු විසින් රෝගීන්ට උපකාර සිදු කරන අතර, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නවතමයෙන් ඉදිකරන ලද වාට්ටු දෙකට වෛද්‍ය උපකරණ සහ සේලයින් රඳවනයන් තොගයක් ලබාදීමට කටයුතු කර ඇත.

මෙම ප්‍රජා සත්කාරයේ නව අංගයක් ලෙස ඩෙංගු රෝගීන්ට මුලික රෝග විනිශ්චයන් සිදු කිරීමට නව රුධිර පරික්ෂණාගාරයක් ද මෙහි ස්ථාපනය කර තිබේ.

Running sports | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf