Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2017 15:25:58 Hours

යුද්ධ හමුදාවට සෙත් පැතීමේ වාර්ෂික ප්‍රශංසා මෙහෙය

යුද්ධ හමුදා ක්‍රිස්තියානි සහෝදරත්වය හා හමුදා ක්‍රිස්තියානි සහෝදරත්වය එක්ව සංවිධානය කරනු ලබන යුද්ධ හමුදාවට සෙත් පැතීමේ වාර්ෂික ප්‍රශංසා මෙහෙය සිකුරාදා (30) දින කොළඹ 03 පිහිටි ක්‍රිස්තු දේවස්ථානයේ දී ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

මෙම ප්‍රශංසා මෙහෙයෙහි ආරම්භක යාඥාව යුද්ධ හමුදා ක්‍රිස්තියානි සහෝදරත්වයේ පැවිදි උපදේශක ගරු බෙනඩික් ජෝශප් පියතුමා විසින් සිදු කළ අතර, ප්‍රශංසා මෙහෙයේ දේශනය එම දේවස්ථානයේ සහායක ගරු විල්සන් ඥාණම් පියතුමා විසින් සිදු කළහ. තවද මෙහි පිළිගැනීමේ කතාව යුද්ධ හමුදා ක්‍රිස්තියානි සහෝදරත්වයේ ලේකම් බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න විසින් සිදු කරනු ලැබීය.

ප්‍රශංසා මෙහෙයේ දී යුද්ධයෙන් මියගිය සහ අතුරුදන් වූ රණවිරුවන් වෙනුවෙන් යාඥා සිදු කළ අතර, යුද්ධයේ දී තුවාල ලැබූ සහ ආබාධිත වූ සියලුදෙනා හට ද ආශිර්වාද පතා යාඥා කරන ලදි.

ප්‍රශංසා මෙහෙයේ මුලික කටයුතුවලින් අනතුරුව හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) සී.එස් වීරසූරිය විසින් හමුදා ක්‍රිස්තියානි සංගමයේ ක්‍රියාකාරකම් පිළිබඳව කෙටි විස්තරයක් සිදු කළේය. ස්තුති කතාව හමුදා ක්‍රිස්තියානි සහෝදරත්වයේ සභාපති කොමදෝරු (විශ්‍රාමික) ලක්ෂ්මන් මෙන්ඩිස් විසින් සිදු කළේය.

හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) සී.එස් වීරසූරිය, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සහෝදරත්වයේ සභාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

bridge media | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals