Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2017 17:31:24 Hours

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වැඩසටහන් රැසක් සමඟින් සිය සංවත්සරය සමරයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ජුනි මස 22 සිට 27 දින දක්වා ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් රැසක් සමගින් සිය 21 වන සංවත්සරය සමරනු ලැබීය.

ඒ අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ධජයට සෙත් පතමින් හින්දු ආගමික වතාවත් සිකුරාදා (16) දින මාවඩිපුරම් ශ්‍රී ස්කන්ධ කෝවිලේ දී ත්, එදින සවස ඉස්ලාම් ආගමික වතාවත් යාපනය ජුම්මා පල්ලියේ දීත්, කතෝලික ආගමික වතාවත් ඉරිදා (18) දින ශාන්ත මේරි දේවස්ථානයේ දීත් සහ බෝධි පූජාමය පිංකමක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දීත් සිදු කෙරිනි.

සඳුදා (19) දින 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුලව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමූහ. අනතුරුව සංවත්සරය සිහිගැන්වීම පිණිස ආඥාපතිතුමා කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපනය කරන ලදි.

තවද, එදින ආඥාපතිතුමන් ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු පලාලි යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන්නන්ගේ සුවදුක් විමසමින් ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ද පිරිනමනු ලැබූ අතර, අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයට ද සහභාගි වූහ.

මිට අමතරව සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදා සාමාජිකයින් 175 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුව වෙත ලේ දන්දීම සිදු කළ අතර, එම රෝහලේ වෛද්‍ය ටි. විස් වෙදිදන් මහතා සහ වෛද්‍ය ඒ අරන්ගන් මහතා මෙම වැඩසටහන සඳහා සහාය දක්වනු ලැබීය.

සංවත්සර වැඩසටහනේ අවසන් අංගය ලෙස බ්‍රහස්පතින්දා (22) දින තෙලිප්පලෙයි පිලිකා රෝහලේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, පසුදින සංගීත ප්‍රසංගයක් ද පවත්වන ලදි.

Sports Shoes | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger