Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2017 17:06:05 Hours

ජෙනරාල් නිළයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාධිපති වෙත යුද්ධ හමුදා උත්තමාචාරය

නිල උසස්විම් ලද යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවය බදාදා (28) දින ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

2015 පෙබරවාරි මස සිට යුද්ධ හමුදාධිපති වශයෙන් රාජකාරි කරමින් සිටි ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා 2017 ජූනි මස 27 වන දින ජෙනරාල් නිලයට උසස් කරනු ලැබ ඇත.

ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණය වෙත පැමිණි නව ජෙනරාල්වරයා, යුද්ධ හමුදා මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරි ‍විසින් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුහ.

අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සමගින් විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදාධිපතිවරයා පිළිගැනීමෙන් පසු සරඹ පිටියේ විශේෂ පිඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබු අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් එච්.එම්.එස්.සී.බී. හේරත් ගේ අණදීම යටතේ 50 දෙනෙකුගෙන් සමන්විත සම්මාන පෙළපාලිය නව ජෙනරාල්වරයා වෙත පිරිනමනු ලැබීය.

Mysneakers | Nike Shoes