Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2017 16:36:03 Hours

මඩකලපුව දිස්ත්‍රික්කය බිම් බෝම්බ අවධානමෙන් නිදහස් වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) සමඟින් ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන (INGOs/NGOs) එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් අනතුරුව බිම් බෝම්බවලින් මුක්ත කලාපයක් ලෙස භාරදීම බදාදා (21) උදෑසන මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරනු ලැබීය.

මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) බිම් බෝම්බ සහිත අවධානම් කලාපයක් ලෙස හදුනාගත් වර්ග අඩි 377,026,951 ක ප්‍රදේශයකින් වර්ග අඩි 312,111,499 බිම් ප්‍රදේශයක් එනම් 83% ක ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත්කිරීමට සමත්විය. ඉතිරි 17% ක බිම් ප්‍රමාණයේ බිම් බෝම්බ ඉවත්කිරීම සදහා ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන වන ‘MAG’, ‘Halo Trust’, ‘FSD’, ‘SARVATRA’, ‘Horizon’, ‘DASH’ සහ ‘SHARP’ යන සංවිධාන දායක විය.

බදාදා (21) දින පැවති මෙම උත්සවයට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. සවාමිනාදන් මැතිතුමා, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ගරු අතුල් කෙශාෆ් මැතිතුමා සහ ජාතික බිම් බෝම්බ මධ්‍යස්ථානය (NMAC) අනෙකුත් නිලධාරින් ඉදිරියේ යුද්ධ හමුදාධිපතිතුමා නියෝජනය කරමින් ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න විසින් මඩකලපුව දිස්ත්‍රික්කය බිම් බෝම්බවලින් තොර කලාපයක් බවට සහතිකය මඩකලපුව දිස්ත්‍රික් ලේකම් හට භාරදෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ බිම්බොම්බ ඉවත් කිරිමේ ඒකකයකි. බිම්බෝම්බ ඉවත් කරන්නන් 450 කගෙන් සැදුම්ලත් මෙම ඒකකය ජාත්‍යන්තරයේ පිළිගත් බිම් බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ උපක්‍රම යොදා ගනිමින් බිම්බෝම්බ ඉවත් කිරිමේ මෙහෙයුම් වල යෙදෙයි. තවද මෙම ඒකකය ජාතික බිම්බෝම්බ මධ්‍යස්ථානය (NMAC) සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කරනු ලබයි.

උත්සවය අතරතුර බිම්බෝම්බ ඉවත් කිරිමේ ඒකකය මගින් සහ එම මෙහෙයුම් වල යෙදෙන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන MAG සංවිධානය මගින් බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ නිදර්ශනයක් ද ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ජෙම්ස් ඩෞරිස් සහ කැනඩාව, ජපානය හා ඕස්ට්‍රේලියා යන රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින්, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල නිලධාරින් සහ යුද්ධ හමුදා නිලධාරින් සහභාගි විය.

2002 දී යුද්ධ හමුදාව බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර, 2009 දී ශ්‍රී ලංකාවේ ගැටුම් අවසන් වීමත් සමග අභියෝග රැසක් මධ්‍යයේ මෙම මෙහෙයුම් සක්‍රීයව ඉටු කිරීම සඳහා යුද්ධ හමුදාව දායක විය.

Running sneakers | Nike News