17th June 2017 17:54:44 Hours
ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ අමිල සේවය සහ වීරක්‍රියාවන් අගය කරමින් උපහාරයක් ලෙස ‘සංහිඳියාවයි - සංග්‍රාම ශක්තියයි’ යනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක් සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදාදා (14) දින සන්ධ්‍යාවේ කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්විය.
සෑම වසරකම මැයි මස 19 දිනට යෙදෙන විජයග්‍රහණ දිනය සැමරීමට අමතරව අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ‘රණවිරුවා’ සහ ඔහුගේ සදා නිම නොවන මානුෂිය සේවාව යන තේමාව යටතේ මෙම සංස්කෘතික ප්‍රදර්ශනය ආරක්ෂක අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබීය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් එක්ව සංවිධානය කළ මෙම සංස්කෘතික ප්‍රසංගය පසුගිය වසරේ ද ‘සංහිඳියාවේ පිය සටහන්’ තේමාව යටතේ පවත්වන ලදි.
මෙම කලාත්මක ප්‍රසංගයේ දී ආරක්ෂක හමුදාවන්හි සාමාජිකයින් විසින් මාතෘභූමියේ සශ්‍රීකත්වය, වත්මන් සංවර්ධන හා විදේශ සබඳතා, අපේක්ෂිත සංවර්ධන අරමුණු ආදිය විදහාපාමින් විදේශීය නර්ථනාංගයන් ද ඇතුලුව තවත් කලා අංග රැසක් ඉදිරිපත් කළහ.
මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගි වූ අතර, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හා තවත් අමාත්‍යවරුන්, ආරක්ෂක ලේකම්, යුද්ධ හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනිය ඇතුළු සම්භාවනිය අමුත්තන් රැසක් ද ත්‍රිවිධ හමුදාවේ, පොලිසීයේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආබාධිත විරුවන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා ද මෙම ප්‍රසංගය සංවිධානය කිරිම සඳහා සහයෝගය දැක්විය.
jordan release date | Men Nike Footwear