Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2017 16:50:10 Hours

පකිස්තානු නාවික හමුදාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයකට අනුව මෙරට සංචාරයක නිරත පකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා NI(M), සඳුදා (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණියහ.

යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි පකිස්තානු නාවික හමුදාධිපතිවරයා, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිළිගැනිමේන් අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් එතුමා වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමුහ.

අනතුරුව, හමුදා ලේකම් කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපතිවරයා විසින් පකිස්තානු නාවික හමුදාධිපතිවරයා වෙත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හදුන්වා දෙන ලැබීය.

පකිස්තානු නාවික හමුදාධිපතිවරයා සහ යුද්ධ හමුදාධිපතිවරයා අතර පැවති සුහද හමුවේදි දෙරටේ හමුදාවන්ට අදාළ ද්වීපාර්ශ්වීය කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, එම සාකච්ඡාවන් අවසානයේ හමුදාධිපතිවරුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. එමෙන්ම පකිස්තානු නාවික හමුදාපතිවරයා විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

පකිස්ථාතනු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා 2014 ඔක්තෝම්බර් මස 02 වන දින අද්මිරාල් නිළයට උසස්විම් ලබා ඇති අතර, 2014 ඔක්තෝම්බර් මස 07 වන දින පකිස්තානු නාවික හමුදාධීපති ලෙස පත්ව ඇත.

latest jordans | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092