Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2017 16:47:57 Hours

භට පිරිස් තවදුරටත් සහන සේවාවන්වල

ගංවතුරෙන් සහ නාය යෑමෙන් විපතටපත් ප්‍රදේශවල තවදුරටත් සහන මෙහෙයුම්වල නිරතව සිටින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ 58 වන සේනාංකයේ සහයෝගයෙන් එම ආපදා තත්වයන්ගෙන් මියගිය අයවලුන් හට පිං පැමිණවීම පිණිස සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාව සහ සංඝයා වහන්සේලා විෂයෙහිලා හීල් දානමය පිංකම (10 – 11) දිනයන්හිදි මොරවක කීර්ති අබේවික්‍රම මහා විද්‍යාලයේදී පැවැත්විය.

581 වන බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් සංවිධානය කළ මෙම සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනය සඳහා හදිසි ආපදා තත්වයෙන් මියගිය අයවලුන්ගේ ලඟම ඥාතින්හට ආරාධනා කරනු ලැබූ අතර, 58 වන සේනාංකයේ සේනාංකාධිපති, 581 වන බලසේනාවේ බලසේනාධිපති, 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

කන්කසන්තුරේ සිට ‘පුරවැසි අත්වැල මනුෂ්‍යත්වයේ දුම්රිය’ මගින් ප්‍රවාහනය කළ මෙට්ට, කොට්ට, පැදුරු, කොසු, බේසම්, සාරි, පාසල් පොත් සහ පාසල් උපකරණ තොගයක් එම සත්කාරය සංවිධානය කළ සංවිධායකයින් සහ පරිත්‍යාගශීලින් සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ස්ථානයන් වෙත ප්‍රවාහනය කිරීම සහ එම උපකරණ පිටබැද්දර ඩබ්ලිව්. සේනානායක මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී අවතැන්වූ ජනතාව වෙත බෙදාදීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සිය සහයෝගය ලබාදෙන ලදී. එමෙන්ම යුද්ධ හමුදා භට පිරිස් පිටබැද්දර ප්‍රදේශයේ පාසල්හි ගොඩනැගිලි පිරිසිදු කිරීම සහ එම ප්‍රදේශයන්හි විපතටපත් ජනතාව වෙත ජංගම වෛද්‍ය සායන ද පවත්වනු ලැබීය.

හිනිදුම මල්ලිකා නවෝද්‍යා විද්‍යාලීය බලධාරීන් 58 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස 16 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් ඉරිදා (11) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සහ තෙමහල් පාසල් ගොඩනැගිල්ල පිංතාරු කිරීම සිදු කරනු ලැබීය.

මේ අතර, බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන, 14 වන සේනාංකය, 58 වන සේනාංකය, 142 බලසේනාව, 581 බලසේනාව සහ 583 බලසේනාවන්හි භට පිරිස්, නාවික හා ගුවන් හමුදා භට පිරිස් සමඟ එක්ව කොළඹ, ගම්පහ, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි සහන මධ්‍යස්ථාන, පන්සල්, පාසල්, පල්ලි, ප්‍රජාශාලා, කර්මාන්ත ශාලා, මහජන සෞඛ්‍ය ආයතනයන්හි තාවකාලිකව නවාතැන්ගෙන සිටින අවතැන් වු ජනතාව වෙත අවශ්‍ය සහන සේවාවන් ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් පසුගිය සති අන්තය තුළ දී විපතට පත් ප්‍රදේශයන්හි සංචාරය කරමින් සහන කටයුතු සහ අනෙකුත් අවශ්‍යතාවයන් මෙන්ම එම කටයුතු වල නිරත භට පිරිස් වල අව්‍යතාවයන් පිළිබඳව සොයා බලන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්විම යටතේ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් වෛද්‍යවරයෙක්, හෙද හෙදියන්, අතුරු වෛද්‍ය නිලධාරින් ඇතුලත් යුද්ධ හමුදා වෛද්‍ය සේවා කණ්ඩායම් 6 ක් ගිලන් රථයක් ද සමගින් විපතට පත් වුවන් වෙනුවෙන් සේවයේ යොදවා ඇත.

එමෙන්ම, යුද්ධ හමුදාවට අයත් බරවාහන, යුනි බෆල්, අයන්හොස්, ගලිබවුසර්, ජල පොම්ප ඇතුළු යන්ත්‍රොපකරණ රැසක් තවදුරටත් විපතට පත් ප්‍රදේශයන්හි සහන කටයුතු සඳහා යොදවා ඇත.

Best Sneakers | Archives des Sneakers