Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2017 10:25:10 Hours

යුද්ධ හමුදා භට පිරිස් පශ්චාත් ආපදා සමයේ ප්‍රධාන භූමිකාවක

ත්‍රිවිධ හමුදා භට පිරිස් මෙන්ම රාජ්‍ය ආයතනයන් ද ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශයන්හි විවිධ සහන මධ්‍යස්ථාන පවත්වා ගනිමින් තවදුරටත් විවිධ මානුෂිය මෙහෙයුම් කටයුතු වල නිරතව සිටි.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, 14 වන සේනාංකය, 58 වන සේනාංකය, 141 හා 142 බලසේනාවන්, 581, 582 හා 583 වන බලසේනාවන්හි භට පිරිස් නාවික හා ගුවන් හමුදාවන් සහ විවිධ සහන සේවකයින් සමඟ එක්ව කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රිකයන්හි පිහිටි පන්සල්, පාසල්, පල්ලි, ප්‍රජා ශාලාවන්, කර්මාන්තශාලා, මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයන්හි පිහිටි තාවකාලික සහන මධ්‍යස්ථාන 208 ක් තුළදි විපතට පත් වුවන් වෙනුවෙන් සහන කටයුතු වල නිරතව සිටියි.

එමෙන්ම යුද්ධ හමුදා භට පිරිස් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් සමඟ සම්බන්ධීකරණයෙන් පිසු ආහාර, පානිය ජලය, ජංගම වෛද්‍ය සායන පැවැත්විම, අවැතැන් වුවන්ගේ අවශ්‍ය ලේඛණ සැකසිම සඳහා සහය ලබාදිම, අසනිප තත්වයේ පසුවන්නන් රෝහල් කරා රැගෙන යාම, විපතට පත් වුවන්ගේ වටිනා ද්‍රව්‍ය සුරක්ෂිත කිරීම, ළිං පිරිසිදු කිරීම, විපතට පත් ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය ඉවත් කිරීම වැනි ක්‍රියාවන්හි නිරතව සිටි.

එමෙන්ම 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (01) දින වනවිට යුද්ධ හමුදා බර යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් අත්වැල්තොට - හරබකන්ද මාර්ගයට පතිතව තිබු පස්, පාශාන සහ අනෙකුත් බාධක ඉවත් කරමින් මාර්ගය යථාතත්වයට පත් කළ අතර, ඉංජිනේරු සේවා බලකා භට පිරිස් සහ පාබල රෙජිමේන්තු භට පිරිස් එක්ව කළුතර සහ රත්නපුර ප්‍රදේශයන්හි නිවාස ආශ්‍රීත පානිය ජල ළිං පිරිසිදු කිරිමේ කටයුතු නිරත වුහ.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් බ්‍රහස්පතින්දා (01) දින අගලවත්ත සහ පරගොඩ ප්‍රදේශයන්හි විපතට පත් ජනතාව වෙත වියළි ආහාර විශාල තොගයක් බෙදාදිම සිදු කළ අතර, එමෙන්ම ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස විපතට පත් පාහියන්ගල ප්‍රදේශයේ සහ අනෙකුත් විපතට පත් ප්‍රදේශයන්හි සංචාරය කරමින් එම සහන මෙහෙයුම් වල නිරත සිටින භට පිරිස් සමඟ කතාබහක ද නිරත විය.

මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

Sports Shoes | Nike Shoes