Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2017 12:56:48 Hours

යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 5 වන බලඇණිය සූඩාන් රෝහල් සඳහා පිටත්වයාමට සුදානම්

දකුණු සුඩානයේ රෝහල්වල සාමසාධක රාජකාරි ඉටු කරමින් සිටින ශ්‍රී ලංකා බලඇණිය ඔවුන්ගේ රාජකාරි කාලසීමාව නිමාවෙන් අනතුරුව දිවයිනට පැමිණිමට නියමිතය.

මෙම බලඇණිය මුදාහැරීම සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 5 වන බලඇණිය අඟහරුවාදා (30) දින වේරහැර පිහිටි එම රෙජිමේන්තු මුලස්ථාන ක්‍රීඩාංගනයේ දී වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ වෙත සම්මාන පෙළ පාලියක් පිරිනමනු ලැබීය.

ලුතිනන් කර්නල් එම්.පී.එස්.ආර්. අමරසේකරගේ අණදීම යටතේ මෙවර යාමට නියමිත 5 වන බලඇණිය විශේෂඥ වෛද්‍යවරුන් 4 ක්, වෛද්‍ය නිලධාරීන් 3ක් සහ දන්ත වෛද්‍යවරයෙකු, පරිපාලන නිලධාරීන් 7ක්, ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ සෙසු නිලයන් 41 ක් සහ ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකාව යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය නියෝජනය කරන සෙසු නිලයින් 9 ක ගෙන් සමන්විත වේ.

මෙම සම්මාන පෙළපාලියෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක විසින් භට පිරිස් අමතමින් ඔවුන් වෙත සුභපැතුම් ද එක්කළහ.

Nike footwear | Women's Sneakers