Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2017 13:48:39 Hours

ගංවතුරෙන් සහ නාය යෑමේන් විපතට පත් බුලත්සිංහල ප්‍රදේශයේ සහන මෙහෙයුම් වල නිරත යුද්ධ හමුදා භට පිරිස් යුද්ධ හමුදාධිපතිගේ නිරීක්ෂණයට

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟින් සෙනසුරාදා (27) දින උදෑසන බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් හමුවුහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සෙනසුරාදා (27) දින උදෑසන වනවිට බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වු සේනාංක 2 ක ඒකක 15 කට අයත් 1600 ක් පමණ භට පිරිසක්, සහෝදර හමුදාවන්, පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ අදාල ප්‍රදේශීය ලේකම් කර්යාලයන්හි සමීප සම්බන්ධතාවයෙන් යුතුව ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරතව සිටි. මෙම කටයුතු සඳහා BTR සන්නද්ධ රථ සහ WMZ රථ 15 ක් මෙන්ම බෝට්ටු 30 ක් සහ තවත් ඉංජිනේරු යන්ත්‍රෝපකරණ යොදවා ඇති අතර, ගලවා ගැනීමේ සහ සහන කටයුතු බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි.

මේ අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විසින් වෛද්‍ය නිලධාරින්, හෙදියන්, අතුරු වෛද්‍ය නිලධාරින්, ගිලන් රථ ඇතුලුව යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් 5 ක් පීඩාවට ලක්වු ප්‍රදේශයන්හි අවතැන් වු ජනතාව වෙත ප්‍රතිකාර සහ වෛද්‍යධාර ලබාදීම සඳහා යොදවා ඇත.

එමෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් බුලත්සිංහල ප්‍රදේශයේ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් කටයුතු වල නිරත භට පිරිස් සහ ඔවුන්ගේ අණදෙන නිලධාරින් සමඟ කතාබහක නිරත වෙමින් ඔවුන්ව ධෛර්යමත් කළ අතර, අනෙකුත් සේවාවන්හි සහන කණ්ඩායම් සමඟ ද කතාබහක නිරත විය.

වර්තමාන සංඛ්‍යා ලේඛණ වලට අනුව පසුගිය පැය 24 ක කාලය තුළ යුද්ධ හමුදා භට පිරිස් විසින් ගංවතුරෙන් විපතට පත් 2600 කට වැඩි පිරිසක් මුදවාගෙන ඇති අතර, කලවාන සහ පිටබැද්දර ප්‍රදේශයන්හි විපතට පත් වුවන් වෙත පිසින ලද ආහාර පාර්සල් 3000 ක් පමණ ලබා දී ඇත.

එමෙන්ම යුද්ධ හමුදාව විපතට පත් ජනතාව වෙත හදිසි අවස්ථාවකදි පහත සඳහන් දුරකථන අංකයන් වෙත අමතන ලෙස දැනුම් දෙනු ලැබේ;

0766907206

0766907125

0112674535

0112674502

short url link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ