Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2017 13:42:23 Hours

යුද්ධ හමුදා භට පිරිස් නිල්වලා ගංඟාවේ ආරක්ෂිත බැම්මේහි ආරක්ෂාව තහවුරු කරමින් අනෙකුත් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල අඛණ්ඩව නිරතව සිටියි

දිවයින පූරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වුවන් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරත දහස් ගණනක් වු යුද්ධ හමුදා භට පිරිස් ගත වූ පැය 48 ක කාලය තුල බීටිආර් රථ, බැකෝ යන්ත්‍ර, කැණීම් යන්ත්‍ර, බොට්ටු සහ වෙනත් යන්ත්‍රෝපකරණ උපයෝගී කර ගනිමින් සහන කටයුතුවල නිරත සිටියි.

මේ අතර, මාතර නයිම්බල ප්‍රදේශයේ දී නිල්වලා ගංඟාවේ ආරක්ෂිත පැති බැම්ම බිඳීයාමේ අවදානමක් ඇති විය. එය වැළැක්විම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වු යුද්ධ හමුදා භට පිරිස් වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උපදේශකත්වයෙන් ඉරිදා (28) දින එම බැම්මේහි වැලි කොට්ට අතුරා බැම්ම ශක්තිමත් කිරීම ආරම්භ කළ අතර, එම කර්තව්‍ය සඳුදා (29) උදෑසන වන තෙක් සිදු කරනු ලැබීය.

එසේම, යුද්ධ හමුදා භට පිරිස් විසින් මියගිය අයවලුන්ගේ මෘත දේහයන් ළගම ඥාතින් වෙත භාරදිම සඳහා පොලිසීය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් සහ අනෙකුත් බලධාරීන්ගේ සහාය ඇතිව සන්නද්ධ භට පිරිස් ප්‍රවාහන රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට කටයුතු කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ අධීක්ෂණය යටතේ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ, 58 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ භට පිරිස් මෙන්ම කමාන්ඩෝ සහ විශේෂ බලකා භට පිරිස් ද ඇතුළුව 1700 කට වැඩි භට පිරිසක් නෙළුව, තවලම, නාගොඩ, ගාල්ල, බද්දේගම, මොරවක, පිටබැද්දර, කඹුරුපිටිය, අත්වැල්තොට, බුලත්සිංහල, කළුතර, දෙහිඕවිට, මුදුන්කොටුව, රත්නපුර, තොරණගොඩ, ඇඹිලිපිටිය, මාබිම, කහටපිටිය, කඩුවෙල, ඔරුගොඩවත්ත, මීතොටමුල්ල, දළුගම, කොළඹ, අඟලවත්ත, මාතර, අකුරැස්ස, මොරවක, දෙනියාය, ඇහැලියගොඩ, පාහියන්ගල, කලවාන, මිල්ලනිය, කහවත්ත, පැල්මඩුල්ල, නාදුරු කන්ද, කුකුලේගඟ, කෙලින්කන්ද, මොල්කාව, සීදුව සහ දොඹගොඩ ඇතුළු ප්‍රදේශයන්හි විපතට පත්වූවන් බේරාගැනීම සහ සහන මෙහෙයුම්වල නිරතව සිටියි. මෙම ප්‍රදේශයන්හි සහන කටයුතුවල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් දිරි ගැන්වීම සඳහා සහ එම කටයුතු නිරික්ෂණය කරමින් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විපතට පත් ප්‍රදේශයන්හි සංචාරය කරනු ලැබීය.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ මෙහෙයවීම යටතේ 12 වන සේනාංකයේ සේනාංකාධිපති, 58 වන සේනාංකයේ සේනාංකාධිපති, 14 වන සහ 53 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසීය, ග්‍රාම නිලධාරීන් සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධතාවයෙන් යුතුව මෙම ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

ඒ අනුව, 58 වන සේනාංකය යටතේ වන 581, 582 සහ 583 බලසේනා, 14 වන සේනාංකය යටතේ වන 141 සහ 142 බලසේනා, 53 වන සේනාංකය යටතේ වන 533 බලසේනාව, ගුවන් සංග්‍රාමික බලසේනාව සහ ඒ යටතේ ඇති සියළුම ඒකකයන්හි භට පිරිස් මෙන්ම කමාන්ඩෝ බලසේනාව, විශේෂ බලකා බලසේනාව, සන්නාහ සන්නද්ධ බලසේනාව, ඉංජිනේරු බලසේනාව, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 5 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, යුද්ධ හමුදා පොදු සේවා බලකාය, 4 (සෙව්) ඉංජිනේරු සේවා බලකාය, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකාය සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භට පිරිස් මේ වන විට ගලවා ගැනිමේ සහ සහන මෙහෙයුම් කටයුතු වල නිරතව සිටියි.

මේ අතර, යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් කලවාන, බුලත්සිංහල, පාහියන්ගල, කහදූව, ගාල්ල යන ප්‍රදේශයන්හි මානුෂීය සේවාවන්වල නිරත වෙමින් විපතට පත් ජනතාව වෙත හදිසි ප්‍රතිකාර සහ වෛද්‍යධාර ලබාදෙනු ලැබේ.

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂක මණ්ඩලයේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා සේවා බලකා භට පිරිස් ආහාර පාර්සල් 25000 - 30000 අතර ප්‍රමාණයක් පසුගිය දින 3 පුරාවට විපතට පත් ජනතාව වෙත බෙදාදෙනු ලැබීය.

මීට අමතරව, 58 වන සේනාංක මූලස්ථානය, පනාගොඩ යුද්ධ හමුදා ජනපදය සහ රත්නපුර, මාතර, ගාල්ල, කළුතර, ගම්පහ යන ප්‍රදේශයන්හි භට පිරිස් විසින් විපතට පත් ජනතාව වෙත පිසූ ආහාර පාර්සල් ලබාදෙනු ලැබේ.

එමෙන්ම, 5 වන ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් පවතින ආපදා තත්වය හේතුවෙන් සන්නිවේදන පහසුකම් ඇණහිට ඇති ප්‍රදේශයන්හි සහන මෙහෙයුම්වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් වෙත අවශ්‍ය සන්නිවේදන පහසුකම් ලබාදීමට කටයුතු සලසා ඇත.

Sportswear free shipping | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ