Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2017 14:21:53 Hours

ස්විට්සර්ලන්ත තානාපති කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ගරු හයින්ස් වෝකර් මහතා සඳුදා (29) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය.

එහි පැමිණි තනාපතිතුමන්ව පිළිගත් කිලිනොච්චි ආඥාපති විසින් එම ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ආරක්ෂක තත්වය පිළිබඳව එතුමන් දැනුවත් කළ අතර, සිවිල් ජනතාව හා යුද්ධ හමුදාව අතර සංහිඳියාව සහ හොඳ හිත වර්ධනය කිරිමේ අරමුණින් සිදු කරනු ලබන වැඩසටහන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිම සඳහා යුද්ධ හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් ආදිය පිළිබඳවත් මෙහි දි පැහැදිලි කළහ.

මෙම හමුව අවසානයේ දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවෙන් අනතුරුව ස්විට්සර්ලන්ත තානාපති කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

best shoes | Men's Footwear