Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2017 10:38:27 Hours

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අර්ධවාර්ෂික සැසිය අවසන් වේ

බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ‘වෙනස් වන ආරක්ෂක සන්දර්භයන් යටතේ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන්හි කාර්ය භාර්ය’ (Changing Security Landscape: Role of Sri Lankan Forces) තේමා කරගත් දෙදින සමුළුව බ්‍රහස්පතින්දා (25) දින සන්ධ්‍යාවේ දී සාර්ථක ලෙස අවසන් විය.

අවසන් දින සැසි තුනක් පැවති අතර, එම සැසි මෙහෙයවිම පිළිවෙලින් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, මහාචාර්ය ශාන්ත කේ. හෙන්නායක සහ මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සිදු කරන ලදි. එහිදි අශාන්ත සෙනෙවිරත්න මහතා, සනත් ද සිල්වා මහතා, බ්‍රිගේඩියර් ජි.වි. රවිප්‍රිය, බ්‍රිගේඩියර් එම්.ඩි.යු.වි. ගුණතිලක, කර්නල් එස්.ඒ.කුලතුංග සහ ලුතිනන් කර්නල් කේ.වි.පි ධම්මික ද ඉදිරිපත් කිරිම් සිදු කරනු ලැබීය.

මෙම සමුළුව නිමාව සනිටුහන් කරමින් නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක විසින් ස්තුති කතාව සිදු කළහ.

Adidas shoes | jordan Release Dates