Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2017 15:44:51 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් විදිවෙල්ලි පෙර පාසලේ ළමුන් වෙත පාසල් උපකරණ

68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.ඒ.ඩි. කහපොල ගේ උපදෙස් මත එම සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්.එච්.ඒ.එම්. නිශ්ෂංක විසින් යාපනය, Northern Central රෝහලේ හිමිකරු කේසර රාජා මහතා වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ අනුග්‍රහයෙන් ආනන්දපුරම් විදිවෙල්ලි පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 25 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් අඟහරුවාදා (23) දින ලබාදෙන ලදි.

පොත්, ලිපිද්‍රව්‍ය සහ පාසල් බෑගයක් අඩංගු එම එක් ත්‍යාග පාර්සලයක වටිනාකම රුපියල් 1500/= ක් වන අතර, මෙම අවස්ථාව සඳහා කේසර රාජා මහතා සමඟින් 68 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, 681 බලසේනාවේ නිලධාරීන්, දෙමාපියන් සහ ගුරුවරුන් ද එක්ව සිටියහ.

Adidas footwear | New Releases Nike