Header

Sri Lanka Army

Defender of the Nation

20th May 2017 14:08:00 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිය පළමු සංවත්සරය සමරයි

සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මැයි මස 3 සිට 16 දක්වා සිය පළමු සංවත්සරය වෙනුවෙන් අයියනායක දේවාල භූමියේ දී කිරි ආහාර පූජාවක් පැවැත්වීම, පුහුණු පාසල අසල ස්ථාපිත වැඩිහිටි නිවාසයේ ශ්‍රමදානයක් සිදු කිරීම, ලුර්දු මාතා දේවස්ථානයේ දී කතෝලික දේව මෙහෙයක් පැවැත්වීම, බෝධි පූජා පිංකමක් පැවැත්වීම, දිළිඳු පවුලක් වෙත ත්‍යාග පාර්සලයක් ලබාදීම වැනි වැඩසටහන් මාලාවන් ක්‍රියාත්මක කරනු ලැබීය.

තවද, බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව එහි සේනාවිධායක වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, භට පිරිස් ඇමතීම, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කිරීම සහ සියලු නිල දිවාභෝජන සංග්‍රහයක් පැවැත්වීම ද එහිදි සිදු කෙරිනි.

Nike footwear | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify