Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2017 15:11:35 Hours

උතුරු පලාත් රණවිරු සැමරුම් උත්සවය මහත් හරසරින්

මේ වනවිට ක්‍රියාත්මක රණවිරු සැමැරුම් මාසයට සමගාමිව උතුරු පලාතේ රණවිරුවන් සැමරීමේ උත්සවයක් සඳුදා (08) දින පලාලිහි පිහිටි රණවිරු ස්මාරකය අභියස දී උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව පවත්වනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ උතුරු පලාත් ආණ්ඩුකාර ගරු රෙජිනොල්ඩ් කුරේ මැතිතුමාගේ පැමිණිමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීම, මියගිය රණවිරුවන් සිහිකිරිම වස් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විම සිදු කළ අතර, අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විම ද සිදු කරනු ලැබූහ.

තවද එහිදි බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගමික නායකයින් විසින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මියගිය රණවිරුවන් සිහිකරමින් වෙන් වෙන් වශයෙන් ආගමික වතාවත් ද සිදුකළහ.

උතුරු පලාත් ප්‍රධාන ලේකම් ඒ. පතිනාදන් මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කිරිමෙන් අනතුරුව උතුරු පලාත් ආණ්ඩුකාරතුමා සහ රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩි. කුමාර ශ්‍රී ජයවර්ධන මහතා විසින් සභාව අමතමින් මෙම වැඩසටහනේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරනු ලැබීය.

උතුරු පලාත් ආණ්ඩුකාර ගරු රෙජිනොල්ඩ් කුරේ මැතිතුමා, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩි. කුමාර ශ්‍රී ජයවර්ධන මහතා, උතුරු පලාත් ප්‍රධාන ලේකම් ඒ. පතිනාදන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහම් මහතා, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමනායහම් මහතා, මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවති කේතිස්වරන් මහත්මිය, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහ නාවික, ගුවන් සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.

යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහම් මහතා විසින් මෙහිදි ස්තුති කතාව සිදු කළ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියහ.

affiliate tracking url | Sneakers