Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2017 15:11:45 Hours

අරණායක නායයෑමෙන් විපතටපත්වුවන් සඳහා ත්‍රිවිධ හමුදාවෙන් නව නිවාස

අරණායක ‘සාමස්සර කන්ද’ නායයෑමෙන් විපතට පත්වුවන් සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් විසින් ‘සෙනෙහසේ ගම්මානය’ නමින් ඉදිකරනු ලැබූ නව නිවාස 30 ක් ඉරිදා (14) දින පැවති උත්සවයක දී ඔවුන් වෙත භාරදෙනු ලැබීය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහයෝගයෙන් 2016 දෙසැම්බර් මස 05 දින ආරම්භ කළ මෙම ඉදිකිරිම් හි අධික්ෂණ කටයුතු සියරා කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් සිදු කරනු ලැබූ අතර, එක් හමුදාවක් විසින් නිවාස 10 බැගින් ඉදිකරනු ලැබීය.

58 වන සේනාංකය යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 1 වන සහ 9 වන ඉංජිනේරු සේවා බලකායේ මෙන්ම 6 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් මෙම ඉදිකිරිම් සඳහා දායකත්වය දැක්වූහ.

මෙම නිවාස භාරදීමේ උත්සව අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, නාවික සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිතයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ආරක්ෂක අමාත්‍යාංශය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහයෝගයෙන් ලේක් හවුස් ආයතනයේ අදහසකට අනුව ‘සෙනෙහසේ සියපත’ නම් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

Asics footwear | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ