Header

Sri Lanka Army

Defender of the Nation

12th May 2017 18:20:55 Hours

යුද්ධ හමුදා භට පිරිස් මාස 6 කට අඩුකාලයක් තුල දී වට්ටාරාම විහාරස්ථානයේ නව ධර්ම ශාලාව ඉදිකරයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ භට පිරිස් විසින් ජාතික වෙසක් උත්සවයට සමගාමිව වට්ටාරාම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරයේ නව ධර්ම ශාලාව මාස 6 කට අඩු කාලයක් තුල දී ඉදිකරනු ලැබීය.

අවසන් රහතන් වහන්සේ වැඩවිසූ මෙම රජමහා විහාරය, ශ්‍රී ලංකා රජය විසින් ජාතික වෙසක් උත්සවය - 2017 පැවැත්වීම සඳහා තෝරා ගත් අතර, ඒ අනුව රාජ්‍ය අනුග්‍රහයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේ විවිධ ඉදිකිරිම් කටයුතු සිදු කළහ.

මෙම ධර්ම ශාලාවේ ඉදිකිරිම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, පූජ්‍ය. පන්නල සුමේධ නායක ස්වාමින් වහන්සේ විසින් සැපයූ අතර, යුද්ධ හමුදාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබීය.

ඒ අනුව, 583 වන බලසේනාවේ භට පිරිස් විසින් 2016 නොවැම්බර් මස 16 දින මෙම ධර්ම ශාලාවේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කරනු ලැබූ අතර, 2017 මැයි මස 05 දින එහි ඉදිකිරිම් කටයුතු නිම කරන ලදි.

රුපියල් මිලියන 50 ක් පමණ වැය කර නිමකළ මෙම පරිසර හිතකාමි ධර්ම ශාලා ගොඩනැගිල්ල දිගින් අඩි 150 ක් ද පළලින් අඩි 50 ක් ද වන අතර, මෙහි බැතිමතුන් 2000 කට පමණ එකවර අසුන් ගැනීම සඳහා පහසුකම් සපයා ඇත.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.එම්.ඒ.ඩබ්ලිව්.එන් රණවන, 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන් අමරසේකර ඇතුලු තවත් නිලධාරීන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දක්වනු ලැබීය.

1 සහ 9 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් සමඟින් 8 වන ගැමුණු හේවා බලකායේ සහ 6 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකා භට පිරිස් මෙම ඉදිකිරිම් කටයුතු සඳහා සිය දායකත්වය දැක්වූහ.

jordan Sneakers | Nike