06th May 2017 20:58:32 Hours
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් කළ කැපවිම් සිහිකරනු වස් ‘ජාතික රණවිරු මාසය - 2017’ ප‍්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම 04 වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිනි.
ජාතික රණවිරු සැමරුම් මාසයට සමගාමිව රණවිරු සේවා අධිකාරිය විසින් මැයි මස 5 සිට 18 දක්වා පලාත් මට්ටමින් සැමරුම් උත්සව මාලාවන් සංවිධානය කරනු ලබන අතර, මෙම සමරු උත්සව මාලාවේ ප්‍රධාන වැඩසටහන 2017 මැයි 19 වන දින ත්‍රිවිධ හමුදා ප්‍රධානින්ගේ සහ සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විමට නියමිතය. එහිදි දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත‍්‍රස්තවාදය හේතුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් සිහිකරමින් එම ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විම ද සිදු කිරිමට නියමිතව ඇත.
බ්‍රහස්පතින්දා (04) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම උත්සවයේ දී පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පසුගිය වසරේ කොඩි අලෙවියෙන් ලද ආදායම ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර, ජනාධිපතිතුමා විසින් 2017 වසර සඳහා වූ කොඩි ආණ්ඩුකාරවරුන් වෙත සංකේතාත්මකව භාරදීම එහිදි සිදු කළහ.
ආණ්ඩුකාරවරුන්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජි. කිත්සිරි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, නාවික හමුදාපති, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය ඒකකය)
buy footwear | Nike Shoes