Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2017 21:00:19 Hours

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ පරික්ෂාවට

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත තාක්ෂණික සංග්‍රාමික ප්‍රවාහන උපකරණ (CCE) පරික්ෂාව සිකුරාදා (05) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, මෙම පරික්ෂාව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.

යුද්ධ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න විසින් මාණ්ඩලික ප්‍රධානි වෙත මෙම උපකරණ හා උපාංග පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරිමක් සිදු කළ අතර, යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ විසින් උපකරණ පරික්ෂාවට පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි පිළිගනු ලැබිය. අනතුරුව අදාළ උපකරණ භාර නිලධාරින් විසින් ඒවා පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ද ඉදිරිපත් කළහ.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් බ්‍රහස්පතින්දා (04) දින මෙවැනිම පරික්ෂාවක් සිදු කරනු ලැබුහ.

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, උපකරණ මාස්ටර් ජෙනරාල්, ප්‍රධාන සංඥා නිලධාරී, අධ්‍යක්ෂවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Authentic Sneakers | Nike for Men