Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2017 14:55:22 Hours

ගැමුණු හේවා භට පිරිස් විදුහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරයි

රත්නපුර, කලවාන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වසර 50 ක් පමණ පැරණි ප්‍රධාන ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කුරුවිට පිහිටි ගැමුණු හේවා බළකා රෙජිමේන්තු මූලස්ථාන භට පිරිස් එම රෙජිමේන්තු අරමුදලින් සිදු කරනු ලැබීය.

දිගු කාලින අවශ්‍යාතාවයක්ව පැවති ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදව දෙමාපියන් පිරිසක් විසින් යුද්ධ හමුදාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව එතුමාගේ උපදෙස් මත ගැමුණු හේවා බළකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ විසින් මේ සඳහා සහාය ලබාදුන්හ.

ඒ අනුව, ගැමුණු හේවා බලකායේ භට පිරිස් ඉංජිනේරු භට පිරිස් සමඟ එක්ව රුපියල් ලක්ෂ 7 ක වියදමින් සති කිහිපයක් තුල දී මෙම සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර විදුහල්පති වෙත සංකේතාත්මකව භාර දෙන ලදි.

ප්‍රතිසංස්කරණය කළ මෙම ගොඩනැගිල්ල නැවත විවෘත කිරිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාසල් බලධාරීන්ගේ ආරාධනයෙන් මේජර් ජෙනරාල් උපුල් විතානගේ සහභාගි වූ අතර, කුකුළුගම නවදුන් දෙකොරලේ අධිකරණ සංඝනායක පූජ්‍ය කුකුලේගම සුමන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහාසඟරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ එම ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, කලවාන කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ කළමනාකරු ප්‍රේමසිරි මහතා, විදුහල්පති අනුර ගමාරච්චි මහතා, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන්, සෙසු නිලයින් පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්, ගම්වාසින් සහ ආරාධිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Nike shoes | nike air jordan lebron 11 blue eyes black people