Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2017 11:13:02 Hours

බෝම්බ හඳුනා ගැනිමේ සුනඛ ශීරා සිය රට බලා පිටත් වේ

පුරා වසර 06 ක කාලයක් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බිම් බෝම්බ හඳුනාගැනිමේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කළ ‘ශීරා-යැන්කි’ ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ සුනඛයා සොදුරු සමුගැනිමකින් පසුව ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර, එම කාලය තුළ මෙම සුනඛයා උතුරු ප්‍රදේශයේ අධික ලෙස බිම් බෝම්බ අතුරා තිබු වර්ග මිටර් 62,680 ක භුමි ප්‍රදේශයක් නිශ්කාෂණය කිරිමට දායකත්වය ලබාදෙනු ලැබිය.

‘ශීරා-යැන්කි’ සහ එම සුනඛයාගේ හසුරවන්නා වු ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් ටී.කේ.ඩී. රාජපක්ෂ විසින් මන්දුවිල්, අනන්තපුරම්, වෙල්ලමුල්ලිවයික්කාල්, මහාමිල්ලම්කුලම, කුඹුරුමුල්ල සහ කොමන්තුරෙයි යන ප්‍රදේශයන් හී බිම් බෝම්බ සෙවීමේ රජකාරින් හී නිරත වු අතර, එහිදි පුද්ගල නාශක බෝම්බ 16 ක්, අත් බෝම්බයක්, පුපුරා නොගිය වෙඩි ද්‍රව්‍ය 01 ක් සහ ආර්පිජි බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

මත්තේගොඩ පිහිටි ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලයේ පැවති හමුවකදි ශ්‍රි ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මෙම සුනඛයා ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනයේ කිම්බර්ලි මැක්කස්ලන්ඩ් මහත්මිය වෙත නිල වශයෙන් භාරදුන් අතර, එම අවස්ථාව සඳහා සුනඛයාගේ හසුරවන්නා වු කෝප්‍රල් රාජපක්ෂ ද එක්ව සිටියහ.

2009 ජුනි මස 05 වන දින උපත ලද මෙම සුනඛයා 2011 ජුනි මස 24 වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර, 2011 දෙසැම්බර් 12 දින තෙක් පැවති පුහුණුවකින් අනතුරුව යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත අනුයුක්ත කරන ලදි.

මෙහිදි මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් බෝම්බ නිෂ්ක්‍රීය කාර්යන් සඳහා ඉතා උසස් මට්ටමේ සුනඛයන්  ශ්‍රි ලංකාව වෙත ලබාදිම සැබැඳිව එම ආයතනය වෙත සිය ප්‍රසංශාව පළ කළ අතර, මෙම අවස්ථාවට එක්වු ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න සහ ඉංජිනේරු බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ.එම්.ඒ.ආර්. සෙනවිරත්න විසින් මෙම සුනඛයා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට ලබාදුන් දායකත්වය ඇගයිමට ද ලක් කළහ.

ශිරා-යැන්කි සුනඛයා සහ මාර්ෂල් ලිගර්සි ආයතනයේ නියෝජිතයා බ්‍රහස්පතින්දා (02) දින ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ.

මීට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම් බෝම්බ හඳුනා ගැනිමේ ‘අල්වින්’ නම් සුනඛයා සහ එම සුනඛයාගේ හසුරවන්නා හට මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් 2016 වර්ෂයේ දී හොඳම පුපුරන ද්‍රව්‍ය හදුනා ගැනිමේ කණ්ඩායම ලෙස ‘බිම් බෝම්බ හඳුනා ගැනිමේ සුනඛයා - 2016’ සම්මානය පිරිනැමු අතර, යුද්ධ හමුදාධිපති ක්‍රිෂාන්ත ද සිල්වා මිට මාස කිහිපයකට ප්‍රථම යුද්ධ හමුදා බිම් බෝම්බ හඳුනාගැනිමේ කණ්ඩායම සිය කාර්යාලය වෙත කැදවා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ඔවුන් විසින් සිදු කරනු ලබන සේවය ඇගයිමට ද ලක් කරනු ලැබිය.

best shoes | Trending