Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2017 16:25:47 Hours

ගැමුණු හේවා රෙජිමේන්තුවේ වර්ණ ප්‍රදර්ශන පෙළපාලිය ඉතා උත්කර්ෂවත් අන්දමින් කුරුවිට රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි

යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති වර්ණ ප්‍රදර්ශන පෙළපාලියක් සෙනසුරාදා (29) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ ප්‍රධානත්වයෙන් සහ නිලධාරින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළහ.

1 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.එච්.එම්.යු.බී. කොලොන්ගහපිටිය ගේ අණදිම යටතේ පැවති මෙම වර්ණ ප්‍රදර්ශන පෙළපාලිය සඳහා නිලධාරින් 37 ක් සහ සෙසුනිළයින් 339 දෙනෙක් සහභාගි වුහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි රෙජිමේන්තු අධිපති හට කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, අනතුරුව එතුමා විසින් භට පිරිස් අමතමින් මෙම ‍ඵෛතිහාසික අවස්ථාවේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කළහ. මෙම අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකා විශ්‍රාමික නිලධාරින්, සබරගමු පළාත් රාජ්‍ය නිලධාරින්, අනෙකුත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් සහ ගැමුණු හේවා බලකායේ ආබාධිත රණවිරුවන් ද එක්ව සිටියහ.

ජනාධිපති වර්ණ සහ ඒකක වර්ණ 1 වන, 2 වන සහ 3 වන ගැමුණු හේවා බළඇණි වෙත පිරිනැමිමේ 32 වන සංවත්සරය වෙනුවෙන් 2012 අගෝස්තු මස 15 වන දින එම වර්ණ නැවත ප්‍රතිප්‍රදානය කරනු ලැබීය.

දිර්ඝ කාලයක් රට තුළ පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයෙන් සහ 1971, 1988 – 89 වර්ෂයන් හි පැවති භිෂණකාරි තත්වය හේතුවෙන් ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් නිලධාරින් 138 සහ සෙසුනිලයන් 3031 ක් ජිවිත පුද කළ අතර, නිලධාරින් 12 ක් සහ සෙසුනිලයින් 393 දෙනෙකු අතුරුදන්ව ඇත. එමෙන්ම නිලධාරින් 63 ක් සහ සෙසුනිලයින් 1438 අබාධිත තත්වයට පත්ව ඇති අතර, නිලධාරින් 31 සහ සෙසුනිලයින් 2534 ක් තුවාල ලබා ඇත.

17 වන ශතවර්ෂයේ සිට ලෝක මට්ටමින් යුද්ධ හමුදාවන් තම පාබල රෙජිමේන්තු වල වර්ණ ප්‍රදර්ශන උත්සව සංවිධානය කරනු ලබයි.

bridgemedia | Nike