Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2017 16:19:03 Hours

54 වන සේනාංකය, උතුරු ඉදිරි නඩත්තු පෙදෙස, විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් අලුත් අවුරුදු උත්සව සමරයි

සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය, උතුරු ඉදිරි නඩත්තු පෙදෙස, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානය සහ කුරුණැගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් අප්‍රේල් මස 28 සිට 30 දින දක්වා සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත අලුත් අවුරුදු උත්සව රැසක් සංවිධානය කරනු ලැබුහ.

අප්‍රේල් මස 29 වන දින 54 වන සේනාංකය විසින් සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය සඳහා එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්නගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වයි.එස්. දේශප්‍රිය මහතා සහභාගි වු අතර, නෙස්ලේ ලංකා (පුද්) සමාගමේ අනුග්‍රාහකත්වයෙන් තරඟ ඉසව් වල ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය ද සිදු කළහ.

තවද, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත යාපනය ‘පොල්සෙවන’ ක්‍රිඩාංගනයේ දී සිකුරාදා (28) දින සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත අලුත් අවුරුදු උත්සවය සහ ‘තල්සෙවන’ ක්‍රිඩාංගනයේ දී සංගීත ප්‍රසංගයක් ද සංවිධානය කළ අතර, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහ උතුරු ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් සනත් පෙරේරා මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

සෙනසුරාදා (29) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ පැවති බක්මහ උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වු අතර, සම්ප්‍රදායික සහ දේශිය බව විදහපාමින් ආරච්චි ගෙදරක් සහ කරත්ත ගෙදරකින් සමන්විත පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබුණි.

කුරුණැගල, වැහැර පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සම්ප්‍රදායික සහ දේශිය බව විදහපාමින් සෙනසුරාදා (29) දින පැවති අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි රුවිනි සුජිවා වික්‍රමරත්න මහත්මිය ද සහභාගි වු අතර, මෙම උත්සවය අවසානයේ තරඟ ඉසව්වන්ගේ ජයග්‍රහකයින් හට ත්‍යාග ප්‍රදානය කිරිමට ද එක්විය.

latest Running Sneakers | Nike Shoes