Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2017 18:58:58 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය පරන්තන් කෘෂිකර්ම පුහුණු පාසල වෙත කළ ඉල්ලීමකට අනුව කසළ කළමනාකරණය පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (28) දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත රාජ්‍ය ආයතනයන්හි කසළ ප්‍රතිචක්‍රකරණය කිරිමේ වැඩසටහන යටතේ කෘෂිකර්ම පුහුණු පාසලේ අධ්‍යක්ෂිකා ශකිලා භානු මහත්මිය විසින් කසළ එකතු කිරිමේ ක්‍රම, කසළ බැහැර කිරිමේ ක්‍රම සහ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව භට පිරිස් දැනුවත් කළහ.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්විමෙන් පැවති මෙම වැඩසටහන සඳහා 130 ක් පමණ භට පිරිස් සහභාගි වූ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මීට එක්ව සිටියහ.

latest jordan Sneakers | Air Jordan