Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2017 18:56:34 Hours

බටහිර ආරක්ෂක සේනා භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මේ වන විට ක්‍රියාත්මක අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට සමගාමිව පනාගොඩ යුද හමුදා ජනපදය සහ කැන්දලන්ද යුද්ධ හමුදා විවාහක නිවාස සංකීර්ණය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් අප්‍රේල් මස 29 සිට මැයි මස 01 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම තෙදින වැඩසටහන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්විම යටතේ ක්‍රියාත්මක කළ අතර, මෙහිදි කසළ එකතුකිරිමේ ස්ථාන හඳුනාගැනීම මෙන්ම කසළ බැහැර කිරීම සඳහා තෝරාගත් ස්ථානයන්හි පුවරු ප්‍රදර්ශනය කිරිම ද සිදු කළහ.

මෑතක දී හමුදා ජනපදයේ වාසය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් ඩෙංගු රෝගයට ගොදුරුව ප්‍රතිකාර ලබාගෙන ඇති බැවැන් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ ඉංජිනේරු බලසේනාවේ භට පිරිස් සමඟින් හෝමාගම ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් ද මෙම වැඩසටහන සඳහා සිය සහයෝගය දැක්වූහ.

affiliate link trace | Jordan Release Dates , Iicf