Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2017 18:54:03 Hours

ගජබා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි භාරගනි

යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ 11 වන රෙජිමේන්තු අධිපති ලෙස අප්‍රේල් මස 27 දින රාජකාරි භාරගන්නා ලදි.

සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි නව රෙජිමේන්තු අධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, පසුව එතුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මියගිය මේජර් ජෙනරාල් විජය විමලරත්න පිළිරුව වෙත පූෂ්පෝපහාර දැක්වීම ද සිදු කළහ. අනතුරුව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත භට පිරිස් විසින් සම්මාන පෙළපාලියක් ද එහිදි පිරිනමනු ලැබීය.

නව රෙජිමේන්තු අධිපතිතුමා භට පිරිස් ඇමතිමෙන් අනතුරුව ඔවුන් සමඟ තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දෙවන ලුතිනන්වරයකු ලෙස ගජබා රෙජිමේන්තුව වෙත ඇතුළත් වු ප්‍රථම නිලධාරියා ද වේ.

latest Running | Nike