Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2017 19:49:44 Hours

යුද්ධ හමුදා ඉංජිනේරුවන් මීතොටමුල්ල කසල කන්දේ අඛණ්ඩව සහන මෙහෙයුම්වල නිරත වේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්නගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා රසායනික න‍්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලී ප්‍රතිචාර බලඝණය (CBRN), ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන සංස්ථාවේ සහ අනෙකුත් තාක්ෂණික විශේෂඥයින්ගේ සහය ඇතිව යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් මීතොටමුල්ල කසල කන්දේ ඉදිරියේදී ඇතිවිය හැකි විනාශයන් වැලැක්වීම සඳහා ඝණ පස් බැම්මක් ඉදිකරමින් සිටින අතර, දූෂණය වූ ජලය ඉවත්කිරීම සඳහා අපවහන ජල පද්ධතියක් ඇතිරීම මෙන්ම මීතේන් වායුව විමෝචනය මැනීමේ කටයුතුවල අඛණ්ඩව නියැලෙමින් සිටියි.

කසල කන්ද මතට වැසි ජලය පතිතවීම වැළැක්වීම සඳහා භට පිරිස් විසින් පොලිතීන් යොදා එය ආවරණය කළ අතර, අනතුරුව එහි ඇතුළත ජලාශ්‍රිත රසායනික ක්‍රියාවලියක් ඇතිවීම වැළක්වීම සඳහා සුන්බුන් ගොඩවල් අතරින් විශාල භූගත කානු පද්ධතියක් ඉදිකර තැන්පත් වී ඇති ජලය ඉවත්කිරීම සඳහා ගිල්විය හැකි ජල පොම්ප යොදා ජලය ඉවත්කරනු ලබයි. එමෙන්ම ජලය රැඳීම වැළැක්වීම සඳහා ජල අපවහන නළ 150 ක් පමණ අතුරා ඇත.

එමෙන්ම යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලි ප්‍රතිචාර බලඝණය (CBRN) මගින් ඇතිවිය හැකි විනාශකාරී රසායනික ප්‍රතික්‍රියාවන් වැලැක්වීම සඳහා නිරතුරුවම මීතේන් මට්ටම නිරීක්ෂණය කරමින් සිටියි.

ඉරිදා (30) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුවරයාගේ ප්‍රධානත්වයෙන් නිවාරණ සහ ආරක්‍ෂිත පියවරවල් පිළිබඳව සම්පූර්ණ සමාලෝචනයක් සිදුකරමින් ඉදිරියේදී සිදුකළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, මෙම අවස්ථාව සඳහා විදේශීය නියෝජිතයින්, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මාධ්‍ය උපදේශක කාර්යාංශයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ නිලධාරීන්, ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධන සංස්ථාවේ නිලධාරීන්, ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනවිරත්න, 5 වන කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් සංජීව අස්වැද්දුමේගෙදර ද එක්ව සිටියහ.

best Running shoes | Nike React Element 87