Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2017 13:10:57 Hours

එක්සත් ජාතින්ගේ නියෝජිතයින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවේ

එක්සත් ජාතින්ගේ නියෝජිතයින් දෙදෙනෙකු අද (27) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කාර්යාලයේ දී හමුවී නව පත්වීම සඳහා සුභ පැතුම් එක් කළහ. ඉන්පසු මෙහිදි එම නියෝජිතයින් මාණ්ඩලික ප්‍රධානී, යාපනය ආරක්ෂක ආඥාපති ලෙස රාජකාරි කරමින් සිටියදි ඔහු විසින් යාපනය අර්ධද්විපයේ සිදු කරන ලද ව්‍යාපෘතින් හී ප්‍රගතිය පිළිබඳව කරුණු විමසන ලදි.

ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ මඟපෙන්විමෙන් මීට පෙර යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් යාපනය අර්ධද්වීපයේ සිදු කළ ව්‍යාපෘතින් පිළිබඳව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයින් දැනුවත් කළහ.

මෙහිදි යාපනය ප්‍රදේශයේ සංහිඳියාව ඇතිකිරිම වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය, එම ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීම, වෙරළ ප්‍රදේශ සංරක්ෂණය කිරිම, ධීවර කර්මාන්තය සඳහා ලබා දි ඇති පහසුකම් පිළිබඳවද සාකච්ඡා කරන ලදි. එමෙන්ම නුදුරේදි මාලි දේශයේ රාජකාරි ඉටුකිරිමට යන භට පිරිස් පිළිබඳවද සාකච්ඡා කරන ලදි.

මෙම හමුව අවසානයේ පැමිණි සිටි නියෝජිතයින් දෙදෙනා හා මාණ්ඩලික ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

latest Nike release | NIKE HOMME