27th April 2017 13:11:16 Hours
මානුෂිය මෙහෙයුමේ යෙදි සිටින අතරතුර කිලිනොච්චි දහම්පුර ප්‍රදේශයේ දී 2009 ජනවාරි මස 15 වන දින ත්‍රස්ථවාදි ප්‍රහාරයකට ලක්ව මියගිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.පි. ලක්මාල් රණවිරුවාගේ දෙමාපියන්හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ අදහසකට අනුව නව නිවසක් ඉදිකර දෙනු ලැබිය.
ඔහුගේ දෙමාපියන්, කොළඹ උතුර වෛද්‍ය විද්‍යාලයට ආසන්න ඔවුනට අයත්නොවු යාබද ඉඩමක ජිවත්ව සිටි අතර, ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් සහ අසනිප තත්වය පිළිබඳව යුද්ධ හමුදාධිපතිවරයා දැනුවත් විමෙන් පසුව රණසේවා අධ්‍යක්ෂක මණ්ඩලය සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය වෙත මේ පිළිබඳව කඩිනමින් ක්‍රියා කරන ලෙස උපදෙස් ලබාදිමෙන් අනතුරුව රණසේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එන්.ඒ.පි.සි. නාපාගොඩ සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්.කේ. තිරුනාවුකරුසු විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුව සමග සම්බන්ධිකරණයෙන් මාස 6 ක කාලසිමාවක් තුළ මෙම නව නිවසේ ඉදිකිරිම් කටයුතු නිමා කරනු ලැබිය.
මෙම නිවස ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 2 ක් සහ ඉඩම සඳහා රුපියල් මිලියන 1.8 ක් පමණ වැය වු අතර, මෙම ව්‍යාපෘතිය සඳහා මුලික මුල්‍ය ප්‍රතිපාදන යුද්ධ හමුදාධිපති අරමුදල වෙතින් සහ සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, රණසේවා අධ්‍යක්ෂක මණ්ඩලය, පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය හා පරිත්‍යාගශිලින් විසින් ද ලබා දෙනු ලැබුහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු යුද්ධ හමුදාධිපතිවරයා නව නිවසේ යතුර සහ ඔප්පුව මියගිය රණවිරුවාගේ දෙමාපියන් වන එම්. ආරියසේන මහතා සහ ටි. නන්දනි ද සිල්වා මහත්මිය වෙත භාරදුන්හ.
latest Running | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today